දළදා මාළිගාව අබියස වැව රවුමට සිතුවම් උචිත නෑ! සිතුවම් මකා සුදු පැහැයෙන් තබන්න! – මහනුවර නගර සභාව

December 12, 2019 at 7:46 am | by emanisa.lk

මහනුවර වැව රවුමේ කිසියම් පිරිසක් විසින් අඳින ලද චිත්‍ර, නැවත සුදු තීන්ත ආලේපකර වසා දමන්නැයි මහනුවර නගර සභාව දැනුම්දී ඇතැයි අප වෙත වාර්තා වේ.

මහනුවර වැව රවුම වටා පවතින මෙම තාප්පය, පෝස්ටර් ඇලවීම පවා තහනම් කර තිබෙන ස්ථානයක් බවත්, සාම්ප්‍රදායිකව මෙම ස්ථානය වර්ණගැන්වීම සිදු නොකරන බවත් පවසමින් මෙම නියෝගය කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් රට පුරා සිදුවන චිත්‍ර ඇඳීමේ කටයුතුවලට සමඟාමීව මෙම තාප්පයේද චිත්‍ර ඇද ඇති බවත් නැවත සුදු පැහැය ආලේපකර පෙර තත්ත්වයට පත්කරන ලෙසත් නගර සභාව දැනුම්දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස