ගෝඨා සුරක්ෂිත කළ නගරය තමන් අනාරක්ෂිත කළ බව ආණ්ඩුව පිළිගනී! ආරක්ෂක අංශ යොදවා කොළඹ අනවසර කඩපිල් ඉවත් කරයි!

May 1, 2019 at 5:37 pm | by admin

කොළඹ පිටකොටුව ප්‍රදේශයේ පැවැති අනවසර වෙළඳසැල් 150ක් පමණ ඉවත් කිරිමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. පවත්වා ආරක්ෂක වාතාවරණය හමුවේ නගරයේ ආරක්ෂාව තහවුරු කිරිම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

කොටුව බෝගස අසල පොදු වෙළෙඳ මධ්‍යස්ථානයක් නිර්මාණය කළ ගෝඨාභය රාජපක්ෂ කොළඹ වීථිවල පැවති සියලු අනවසර වෙළෙඳසැල් ඉවත් කර නගරය පිරිසිදු පිළිවෙළ ආරක්ෂිත ස්ථානයක් බවට පත් කළේය. නමුත් 2015 සිට නැවතත් අනවසර වෙළෙඳසැල්වලින් සියලු වීථි දෙපස සහ පදික වේදිකා වැසී යන්නට විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස