ගෝඨා එපා කී පෝස්ටර් අද උදේම තාප්පවල! කඩාකප්පල්කාරී වැඩක් දැයි සැකයක්!

August 12, 2019 at 11:48 am | by emanisa.lk

ඊයේ (11) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව ඔහු සමුළුවට සහභාගී වූ ජනතාව අමතා සිය අනාගත සැලසුම අදහස් පළ කළේය.

එහිදී ඔහු විශේෂයෙන් ඉල්ලා සිටියේ සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පරිසර හිතකාමී ලෙස සිදු කිරීමට කටයුතු කරන ලෙසය. අන් අපේක්ෂකයන්ට ද ආදර්ශයක් ලබා දෙන ලෙසය.

පොලිතීන් ප්ලාස්ටික් භාවිත නොකරන ලෙස ඔහු විශේෂයෙන් ඉල්ලා සිටියේය. එහෙත් අද උදෑසන වන විට ඇතැම් ප්‍රදේශවල සුපුරුදු ලෙස පෝස්ටර් අලවා තාප්ප අපවිත්‍ර කර තිබිණි.

මෙම ක්‍රියාව සමාජජාල බෙහෙවින් දෝෂ දර්ශනයට ලක්ව තිබූ අතර පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව මෙම පෝස්ටර් ගලවා දැමිය යුුතු බවට සමහරු ප්‍රකාශ කර තිබිණි.

පරිසරය ආරක්ෂා කරන ලෙස ගෝඨා පවසන පසුබිමක මෙම පෝස්ටර් ව්‍යාපාරය ඔහු අපකීර්තියට පත් කිරීමේ අරමුණින් කිසිවකු කළේ දැයි සමහරු සැක පළ කර තිබිණි.

 කොළඹ ගඳ ගසන කසළ ගොඩක් කළ ආණ්ඩුව එම නගරය පිරිසිදු සුන්දර නගරයක් කළ ගෝඨාභය රාජපක්ෂගේ පරිසර හිතකාමී ප්‍රතිපත්ති හමුවේ මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවලට නැඹුරු වීම පුදුමයක් නොවන බව සමාජමාධ්‍ය ජාලවල ඇතැමුන් පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස