මෙගාපොලිස් පාඨලි අරුවක්කාලු මුල් සැලැස්ම වෙනස් කරලා! කසළ අර්බුදයට හේතුව එයයි!

August 9, 2019 at 10:18 am | by emanisa.lk

රාජපක්ශ රජය 2014 වසරේ ඩොලර් මිලියන 107 ක වියදමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අරුවක්කාලු සනීපාරක්ශක කසළ රැඳවුම් ව්‍යාපෘතිය වර්තමාන රජය හිතුමතේ වෙනස් කිරීමට කටයුතු කිරීම කසළ අර්බුදයක් නිර්මාණය වීමට බලපෑ බවට සමාජ මාධ්‍යවල විවේචනයට ලක්වෙයි.

රාජපක්ශ රජය විසින් අඩු වියදමින් කසළ ගෙනයාමට දුම්‍රිය මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කළ අතර එ සඳහා . දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය මාර්ග පද්ධතියේ ඉදි කිරීම් සැලසුම් ඒ වන විටත් නිම කර තිබිණි.

ඒ අනුව දුම්රිය ගැල් (වැගන්) සහ දුම්රිය එන්ජින් සඳහා අදාළ පිරිවිතරයන්ද සකස් කර තිබිණි.

කෙසේ වුවද යපාලන ආණ්ඩුව මෙගා පොලිස් ඇමති චම්පික රණවක එම දුම්රිය මාර්ගය ඉදිකිරීම නතර කර කසළ මහ මාර්ග ඔස්සේ ප්‍රවාහනයට යාම නිසා පලාත්පාලන ආයතන , මාර්ග භාවිත කිරීම සහ පිරිසිදු කිරීම වෙනුවෙන් මසකට මිලියන 2.5 ක් ඉල්ලා සිටීම විශාල අර්බුදයක් නිර්මාණය කර ඇත.

මෙම මුදල කොළඹ මහ නගරසභාවට දරා ගත හැකිවුවද කොලොන්නාව ආදී පලාත්පාලන ආයතනවලට දරා ගැනීම අපහසු බව පැවසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස