බ්‍රිතාන්‍යයේ දීප්තිමත්ම සිසුවිය ලෙස සම්මාන දිනූ කවදාවත් ටියුෂන් නොගිය ලාංකික නිශී!

March 8, 2019 at 1:26 pm | by admin

බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සමත් වූවාය.

චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන “Child Genius” වැඩසටහනේදී එසේ සම්මාන ලැබූ ඇය නිශී උග්ගල්ලය.

තමන් සමග තරග කළ බ්‍රිතාන්‍යයේ වෙසෙන විවිධ ජාතීන්ට අයත් දරුවන් පිරිසක් පහසුවෙන් ම පරදවා ඉහළ ජයග්‍රහණයක් ලැබීමට ඇය සමත් වූවාය.

“ඔයාල ආස විෂයයක් තෝරගෙන ඒක ගැන මහන්සි වෙලා වැඩ කරන්න. ඉස්කෝලෙන් උගන්වන දේවලට අමතරව වැඩිපුර දේවල් හොයාගෙන ඉගෙන ගන්න. වැඩිහිටියන් කියන කල් ඉන්නේ නැතිව තමන්ගේ වුවමනාවෙන් වැඩ කරන්න. එතකොට ඉගෙන ගන්න දේවල් ආසාවෙන් කරන්න පුළුවන්. ඔයාල හැමෝට ම Good Luck!.” ඇය සෙසු දරුවන්ට උපදෙස් ලබා දෙයි.

“ඇත්තට ම අපි ලංකාවේ ඉන්නේ නැති එක ගැන මට තියන එක සතුටක් තමයි අපි ටියුෂන් ක්‍රමයට නැති එක. ළමයින්ට ළමා කාලය තියෙන්න ඕන කියල අපි ගොඩක් විශ්වාස කරනවා. ඒ නිසා අපි කවදාවත් නිශී ටියුෂන් යැවුවේ නෑ.” යැයි ඇගේ පියා නීලංග උග්ගල්ල පවසයි.

 ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා නඟමින් කිලිං ෆීල්ඩ් නම් සාවද්‍ය චිත්‍රපටය නිර්මාණය කළේ ද මෙම නාළිකාව විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස