නගර අලංකරණය සහ සුරක්ෂිතතාව සඳහා තවත් පියවරක්! සියලු යාචකයන් රැඳවුම් මධ්‍යස්ථාන වෙත!

November 28, 2019 at 2:53 pm | by emanisa.lk

වර්තමාන රජය ක්‍රියාත්මක කරන නගර අලංකරණ සහ සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැඩපිළිවෙළ යටතේ නගරවල සැරිසරණ සියලු යාචකයන් රැඳවුම් මධ්‍යස්ථාන වෙත රැගෙන යාමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි වාර්තා වෙයි.

නගරවල වෙසෙන දහස් ගණනක් යාචකයන් නගර වෙත පැමිණෙන ජනතාවට මෙන්ම වාහනවලට ද මහත් හිරිහැරයක් බවට නිතර පැමිණිලි ලැබෙයි. මුදල් ලබා නොදෙන වාහන අතේ කාසියක් තබා ගෙන සිරීම වැනි නීති විරෝධි ක්‍රියාවල නිරත වීම පරුෂ වචනයෙන් බැණ වැදීම පිළිබඳව ද චෝදනා තිබේ.

බස් රථ සහ දුම්රිය වෙත ගොඩ වන යාචකයන් මගී ජනතාවට හිරිහැරයක් වී ඇති අතර නගරයේ තැන තැන වැසිකිළි යාම, මුත්‍ර කිරීම ආදී නගරය අපවිත්‍ර කිරීමට ද යාචකයන් කටයුතු කරන බව වාර්තා වෙයි.

එසේම නගරවල සිදුවන ළමා ජාවාරම, පාතාළ කටයුතු, ගණිකා ජාවාරම සහ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ද මෙම යාචකයන් සම්බන්ධ අතර නගරවල ආරක්ෂාවට ද ඔවුන් මහත් තර්ජනයක් වී තිබේ.

මේ වන විට සිය ගණනක් යාචකයන් සේවය කරන යාචක මුදලාලිලා පිරිසක් බිහිව ඇති බවත් බොහෝ යාචකයන් එම මුදලාලි යටතේ දවස් පඩියට හිඟා කන බවත් තහවුරු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස