කාශ්‍යප රජ දවස සීගිරියට යන්න අවස්ථාවක්! සීගිරි අප්සරාවියන් ආරක්ෂක බලමුළු රජ මැදුරු පිරිවර සමග විනාඩි 15ක්!

May 21, 2019 at 2:46 pm | by admin

කාශ්‍යප රජ දවස සීගිරි රාජධානිය පැවති ආකාරය ත්‍රිමාන තාක්ෂණයට නැඟීමට මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු කර තිබේ. ඒ අනුව සීගිරිය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරි කෞතුකාගාරයේ දී මෙම නැවුම් අත්දැකීම ලබාගත හැකිය.

විනාඩි 15ක කාලයක් පුරා දිග හැරෙන මෙම ත්‍රිමාන සජීවීකරණ වැඩසටහන සඳහා සීගිරිය බටහිර දොරටුවේ සිට ගල මුදුනේ පිහිටි රජ මාලිගාව දක්වා කොටස ඉපැරණි රජ දවස පැවති ස්වරූපය මෙහි නිර්මාණය කොට තිබේ.

සිංහ පාදය සීගිරි බිතුසිතුවම් දිය පොකුණු සීගිරි අප්සරාවන් ආරක්ෂක බල මුළු ස්ථාන සීගිරි කසුප් රජු අප්සරාවියන් එහිදී සජීවිකරණයට නඟා ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා පැවසූ අතර ඉදිරියේදී තවත් නැවුම් අත්දැකීම් ලබාදීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස