නගර පිරිසිදුකරණය යාපනෙත්! ඉහළ ජනතා සහභාගීත්වයක්! TNA නගරාධිපතිත් එයි!

November 26, 2019 at 10:09 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ  නගර පිරිසිදු කිරිමේ වැඩසටහනට සමගාමීව විශේෂ වැඩසටහනක් අද (26) යාපනය නගරයේ දි දියත්කෙරිණි.

මීට සමගාමිව බොහෝ නගරවල මංමාවත් පිරිසිදුකර තිබෙන අයුරු දැක ගන්නට ලැබුණු අතර ඉහළ ජනතා සහභාගිත්වයක් ඒ සඳහා ලැබීම විශේෂත්වයකි.

පොලිස් පරිසර ආරක්ෂක ඒකකයේ ඝෘජු මැදිහත් වීමෙන් සෞඛ්‍ය පරික්ෂකවරු හා නගර සභා කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් ආරම්භවූ මෙම වැඩසටහනට යාපනය නගරාධිපති දෙමළ ජාතික සන්ධානයේ එමානුවල් ආනෝල්ඞ්, නාගරික කොමසාරිස් ජේකිලන් යන මහත්වරුන් සහ ප‍්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස