කෝප් වාර්තාවයි පාර්ලිමේන්තු වාරාවසාන කිරීමයි අතර කිසිම සම්බන්ධයක් නෑ! – බුකී ජනතාව අනාථ කරමින් හඳුන්නෙත්ති කියයි…(video)

December 8, 2019 at 9:35 pm | by emanisa.lk

ජනපති මැති ඇමති ඡායාරූප ප්‍රදර්ශනය, නෑදෑ මිතුරු රංචු පිටින් විදේශ සංචාරවල නිරත වීම, ගම්මිරිස් කුරුඳු ගම්මිරිස් ප්‍රතිඅපනයනය නතර කිරීම ජනාධිපතිවරයා සිදුකළ සාධනීය දේවල් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති පවසයි.

තරුණ පිරිස ස්වේච්ඡාවෙන් තාප්පවල සිතුවම් ඇඳීම අගය කරන බවත් එම ස්ථානවල තමන් පෝස්ටර් අලවන්නේ නැති බවත් ඔහු සඳහන් කළේය. එසේම හැකි නම් එළඹෙන මහ මැතිවරණය අවස්ථාවේ පෝස්ටර් ගැසීමෙන් වළකින ලෙස ඔහු ආණ්ඩුවට අභියෝග කළේය.

තමා කෝප් කමිටුවේ කටයුතු කළේ තමන්ගේ කාල සටහනකට අනුව බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු වාරාවසාන කළේ ඔහුගේ කාල සටහන අනුව බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා මේ දෙක අතර සම්බන්ධයක් නැතැයි ද සඳහන් කළේය.

කෙසේ වුවද පසුගිය සමයේ ජවිපෙට සම්බන්ධ සමාජ මාධ්‍ය ක්‍රීයාකාරීන් චෝදනා කළේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් තැබුවේ බැඳුම්කර හොරු ආරක්ෂා කිරීමට බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස