කොරෝනා නොතකා ජනහමුවට පැමිණි ඔබට ස්තුතියි! – විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

March 18, 2020 at 1:57 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඊයේ (17) සිය ආසනයේ මැතිවරණය වෙනුවෙන් වූ ප‍්‍රචාරක රැස්වීමක් පැවැත්වූවාය.

කොරෝනා අවධානම නොතකා රැස්වීමට පැමිණි එම පිරිසට ස්තුති කරන බවද ඇය එහිදී සඳහන් කළාය.

කොරෝනා ව්‍යාප්ත වේ යයි සලකා ප්‍රසිද්ධ ජනහමු පැවැත්වීම රජය විසින් දැනටමත් තහනම් කර ඇත.

කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍යවරියකද වන හිටපු රාජ්‍ය ඇමතිනිය මෙවන් ජන හමුවක් පැවැත්වීම ගැන දැඩි කතාබහක් ඇති වී තිබේ.

කෙසේ වුවද කොරෝනා වසංගත තත්ත්වය නිසා සිය ප්‍රචාරක ජනහමු සියල්ල අවලංගු කළ බව ප්‍රසන්න රණවීර පසුගියදා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස