කොරෝනා රෝ බියෙන් ගැළවෙන්න ආධ්‍යාත්මික කටයුතුවලට නැඹුරු වන්න! රට පුරා රතන සූත්‍රය සජ්ඣායනා කරන්න! – කාදිනල්තුමා

March 16, 2020 at 8:20 am | by emanisa.lk

ශ්‍රී ලංකාව පුරා රතන සූත්‍රය සජ්ඣායනය කිරීම වැනි ආධ්‍යාත්මික කටයුතු සිදුකිරීම රටේ පවත්නා තත්ත්වය සමනය කිරීමට ඉතා වටිනා බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ කියා සිටියහ.

එහිමියන් මේ බව කියා සිටියේ පසුගිය සෙනසුරාදා (15) කොළඹ අගරදගුරු නිවසේ පැවැති මාධ්‍ය හමුවකදීය.

“මෙම කොවිඩ් -19 රෝගය පැතිරී යෑම වැළැක්වීම සඳහා රජය ගෙන යනු ලබන වැඩපිළිවෙළට සහයෝගය දැක්වීමක් ලෙස මාර්තු මස අග වෙනතෙක් ඉරිදා දිව්‍ය පූජාව සහ සියලුම එක්රැස් වීම් නවත්වනවා.

එය මූලික වශයෙන්ම අපේ රටෙත් ලෝකයෙත් මෙම රෝගය වැළැක්වීමට ගත් පියවරක්. ඔබේ යැදුම් නිවසේ සිටම කරන්න. මේ වෙලාවේ දේශපාලන පක්ෂ වශයෙන් බෙදිලා කුලල් කා නාගෙන වෛරසයෙන් එල්ලවෙන බලපෑම් නවත්වාගන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස