කෘත්‍රිම ආහාර කන්න එපා! ඉඟුරු කොත්තමල්ලි බොන්න! – කොරෝනා පාලනයට වෛද්‍ය උපදෙස්..

March 17, 2020 at 8:21 am | by emanisa.lk

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ඇති දේශීය ආයුර්වේද ඖෂධ සහ ආයුර්වේද ක්‍රම පිළිබදව දැනුම්වත් කිරීමක් නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී ඊයේ (16) පැවැත් විය.

එහිදී ආයුර්වේද වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ අනියත බියක් ඇති කර ගැනීම තුළින් පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල විය හැකි බැවින් ඒ තුළින් අවදානම් තත්ත්වයකට පත්විය හැකි බවය.

මෙහිදී අදහස් දැක්වු ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සේනක ගමගේ පවසා සිටියේ, කිසිවෙකුත් අනියත බියක් ඇති කර ගත යුතු නැති බවය.

එයින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල විය හැකි බවත් පැවසු වෛද්‍යවරයා, ඒ තුළින්ම අවධානම් තත්ත්වයට පත් විය හැකි බවත් පැවසීය.

උදේ සවස ඉඟුරු කොත්තමල්ලි වීදුරුවක් පානය කරන ලෙසත් පැවසු හෙතෙම, සමාජ මාධ්‍ය තුළින් විවිධ ඖෂධ වට්ටෝරු ජනතාව අතර සංසරණය වන බවත් ඒවායේ වගකීමක් දෙපාර්තමේන්තුවක් ලෙස ගත නොහැකි බවත් කියා සිටියේය.

උදෑසන අවදි වු විට ගැඹුරු ආශ්වාස හා ප්‍රාශ්වාස ක්‍රියාකාරකම් කරන්නේ නම් මෙම තත්ත්වයට යෝග්‍ය බවත් පැවසු වෛද්‍යවරයා, මද උණුසුම් ජලය පානය කරන ලෙසත් හීන් බෝවිටියා හා මොනරකුඩුම්බිය ආදී කැඳ වර්ග පානය කරන ලෙසත් පැවසීය.

වෛද්‍ය අජිත් කුමාර පවසා සිටියේ කොහොඹ දුම ඇල්ලීම යෝග්‍ය බවත්, එමෙන්ම පෙරුම්මුකායන් හා වදකහ විෂ බීජ නාශකයක් වන බවත් කියා සිටියේය.

මෙම සති දෙක කෘතිම ආහාරවලින් සම්පූර්ණයෙන් වැළකී සිටින ලෙසත් වෛද්‍යවරයා මෙහිදී පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස