අදත් කොරෝනා රෝගීන් 6ක් හමුවෙයි! දැන් කොරෝනා රෝගීන් 34යි!

March 17, 2020 at 5:18 pm | by emanisa.lk

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 34ක්  දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටියි.

අද දිනයේදී කොරෝනා වෛරසයට ගොදුරු පුද්ගලයින් 06 දෙනෙක් හමුවූ බවයි අමාත්‍යවරිය සඳහන් කරයි.

මෙරටදී කොරෝනා වෛරසයට ගොදුරුවු දෙවන රෝගියා වන සංචාරක මග පෙන්වන්නාගේ බිරිඳට ද වෛරසය වැළඳී ඇති බවට මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

එමෙන්ම ජර්මනියේ සංචාරයේ නිරතවීමෙන් පසු කොරෝනා වෛරසයට ගොදුරුවූ මෙරටදී හඳුනා ගත් පුද්ගලයාගේ ඥාතියෙක්ටද කොරෝනා වෛරසය වැළඳී ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස