කොරෝනා වසංගතය නිසා අඩාල වූ ආර්ථිකය නඟාසිටුවන්න පුළුවන්! – ජනපති

May 7, 2020 at 5:42 pm | by emanisa.lk

කොරෝනා වසංගතය නිසා අඩාල වූ ආර්ථිකය යළි ගොඩනැගීමට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

ඒ සඳහා නව ආර්ථික මාදිලියක් සැකසීමේ වගකීම ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට පවරනු ලැබේ.

මැයි 11 වනදා සිට යළි යථා තත්ත්වයට පත්කෙරෙන ජන ජිවිතයත් සමග ආර්ථිකයද නගා සිටුවීමේ අරමුණින් ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රථම වරට රැස්විය.

මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් වූ ඇඟළුම් සහ සංචාරක කර්මාන්ත නව මුහුණුවරකින් ඇරඹිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කර සිටියි.

එමෙන්ම කාර්ය සාධක බලකාය විෂය ක්ෂේත්‍ර අනුව කොටස් වශයෙන් බෙදී ඉලක්කගත නව ආර්ථික සැලසුම් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා කොවිඩ් 19 වෛරසය මර්දනය කර නැගී සිටින රටවල් ඉලක්කකර ගනිමින් සංචාරකයන් ගෙන්වා ගැනීමේ හැකියාවද පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව කොවිඩ් 19 මර්දනයට ගත් විධිමත් ක්‍රියාමාර්ග සෙසු රටවලට පෙන්වා දෙමින් දේශිය සහ බටහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා සංචාරකයින් ආකර්ශනය කර ගැනීම සහ අන්තර්ජාතිකව පිළිගත් සෞඛ්‍ය සහතිකයක් සමඟ වීසා නිකුත් කර වැඩියෙන් වියදම්  කිරිමේ හැකියාව ඇති සංචාරකයින් ගෙන්වා ගැනීමේ සැලසුම්ද මෙහිදි සාකච්ඡාව කෙරුණී.

එමෙන්ම වරාය නගරය සහ හම්බන්තොට කර්මාන්ත කලාපය කේන්ද්‍රකර ගනිමින් විදේශිය ආයෝජකයින් ගෙන්වාගැනීමේ හැකියාවද මෙහිදි ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ.

ගතවු සති කිහිපය තුළ මෙරටින් බිහිවු නව නිර්මාණ ලෝක වෙළඳපොළට හඳුන්වාදෙමින් නව නිපැයුම් අපනයන ආර්ථිකයට දායක කර ගැනීමේ හැකියාව පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය.

වසරකට ඖෂධ ගෙන්වීමට විශාල විනිමයක් වැයකරන අතර ඉන් බොහෝ ඖෂධ මෙරට නිෂ්පාදනය කිරිමේ හැකියාවට අවශ්‍ය පසුබිම කඩිනමින් සැකසීමේ වගකීමද ජනාධිපති කාර්ය සාධක බලකායට පවරා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස