ඇමරිකානු තානාපති නිලධාරියා අපේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශවලට අවනත නොවීම වැරදියි! අපි රටක් විදිහට එය හෙළාදැකිය යුතුයි! – නාමල්

June 6, 2020 at 11:41 am | by emanisa.lk

ඇමෙරිකා එක්සත් ජනපදය වැනි දැවැන්ත රටක තානාපති නිලධාරින් අනෙකුත් රටවල්වල වෛද්‍ය නිලධාරින්ගේ නිර්දේශවලට ගරු නොකිරීම පිළිබදව කනගාටුවට පත්වන බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

නාමල් රාජපක්ෂ මෙසේ පැවසූයේ අද (6) තංගල්ල මූලික රෝහලේ සංචාරයක නිරත වූ අවස්ථාවේදීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

“ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය ගෝලිය වසංගතයක් බවට නම් කර තිබියදී එක් එක් රටවල්වල වෛද්‍ය නිලධාරින්ගේ නිර්දේශ මත ඒ රටවල් තමන්ගේ ජනතාව ආරක්ෂා කරන්න කටයුතු කරන අවස්ථාවක ලෝකයේ බලවත් රටවල් ඒ රටවල්වල වෛද්‍ය නිර්දේශයන්වලට ගරු නොකොට ඒවා කඩාකප්පල් කිරීම පිළිබඳව අපි කණගාටු වෙනවා.

හැම රටකම මේ රෝගය පාලනය කරන්න නොයෙක් නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. අපිට මොන තානාපති වරප්‍රසාද තිබුණත් ඒවාට අපි ගරු කරන්න ඕනෑ. අපේ රටේ තානාපතිවරුත් ඉන්නවා ලෝකයේ හැම රටකම. ඔවුන් ඒ රටේ තිබෙන නීතියට ගරු කරන්න ඕනෑ.

එය තමයි මේ ගෝලීය වසංගතය වළක්වන්න කළ යුතු දේ. ඇමරිකා එක්සත් ජනපදය වැනි මහා දැවැන්ත රටක් තමන්ගේ තානාපති නිලධාරින් අනෙකුත් රටවල්වල වෛද්‍ය නිලධාරින්ගේ නිර්දේශවලට ගරු නොකරීම පිළිබදව අපි කනගාටු වෙනවා. අපි රටක් විදියට මෙය දැඩි ලෙස හෙලා දකින්න ඕන.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස