ඇමරිකානු තානාපති නිලධාරියා කොරෝනා පරික්ෂාවට එරෙහි වෙයි! බලහත්කාරයෙන් රටට කඩා වදී!

June 4, 2020 at 4:33 pm | by emanisa.lk

කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකු කොරෝනා පරීක්ෂාව ප්‍රතික්ෂේප කර ඇත.

ඔහු විදේශයක සිට මෙරටට පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපලේ දී කොරෝනා පරීක්ෂණ ප්‍රතික්ෂේප කර ඇත.

ගුවන් තොටුපළ සෞඛ්‍ය බලධාරීන් විසින් ඔහුව පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේ මෙම රාජතාන්ත‍්‍රික නිලධාරියා එය ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී තිබේ.

ඇමරිකාව මේ වන විට ඉතාම භයානක ලෙස කොරෝනා ආසාදනයට ගොදුරු වී ඇති අතර මරණ ගණන ලක්ෂය ඉක්මවා ගොසිනි.

කටුනායක ගුවන්තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු දෙනා PCR පරික්ෂාවට යොමු කළ යුතු බවට ආණ්ඩුව පසුගියදා තීන්දු කළ අතර පසුගිය 01 වෙනිදා සිට එය ක්‍රියාත්මක වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස