විපක්ෂයේ ඕන පිට රටින් හරි කොරෝනා ගෙනැල්ලා රට අස්ථාවර කරන්න! – මොහොමඩ් මුසාම්මිල් (video)

May 27, 2020 at 3:22 pm | by emanisa.lk

මේ රටේ විපක්ෂය මුල සිටම බලාපොරොත්තු වූයේ රට පුරා කොරෝනා බෝ වී මිනී කඳු ගොඩගැහෙන විට ඒ මතින් දේශපාලන වාසි ලබා ගැනීමට යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසාම්මිල් පවසයි.

රාජිත සේනාරත්න, සජිත් ප්‍රේමදාස සහ පී. හැරිසන් වැනි අය දිගින් දිගටම අභූත චෝදනා නඟමින් කොරෝනා පරදන සටනට ජනතාව සියලු භේද අමතක කර ඒකරාශී වීමට බාධා කළ බවට ද හෙතෙම චෝදනා කරයි.

මේ වන විට විදෙස්ගත ශ්‍රමිකයන් සියලුදෙනා එකවර රටට ගෙන ආ යුතු යැයි මේ පිරිස කිඹුල් කඳුළු සලන්නේ ද එම අරමුණ ඇතිව බවත් ඊට ආණ්ඩුව හසු නොවන බවත් මොහොමඩ් මුසාම්මිල් අවධාරණය කරයි.

එම කටයුතු ක්‍රමානුකූලව සිදුවනු ඇති බව ද හෙතෙම පැවසීය.

ශ්‍රී පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

https://www.facebook.com/100005282922118/posts/1467471306772286/

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස