ලංකාවේ තවත් කොරෝනා රැල්ලක්! විදෙස්ගත සිට පැමිණි 167කට කොරෝනා!

May 26, 2020 at 4:50 pm | by emanisa.lk

විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 167 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව මේ වන විට හඳුනා ගෙන තිබේ.

කුවෙට්, ඩුබායි සහ ඉන්දුනීසියා යන රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් එම ආසාදිතයින් අතර වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදිත පිරිස 1199 දක්වා ඉහළ ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස