නාවික හමුදා කොරෝනා පොකුරත් තව සතියකින් අවසන්! – හමුදාපති

June 3, 2020 at 2:31 pm | by emanisa.lk

නාවික හමුදාව ආශි‍්‍රතව මතුව තිබෙන කොරෝනා ආසාදිත පොකුර තවත් සතියකින් පමණ අවසන් වනු ඇතැයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

විදේශ රටවලින් පැමිණෙන පුද්ගලයින්ගෙන් බිහි වී ඇති කොරෝනා ආසාදිත පොකුර පමණක් ඉදිරියට පවතිනු ඇතැයි හමුදාපතිවරයා සඳහන් කළේය.

සමාජය තුළින් තවදුරටත් කොරෝනා ආසාදිතයින් මතු නොවීමට අවශ්‍ය සියලු විධිවිධාන මේ වන විටත් යොදා ඇති බව ද යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කළේය.

මේ අතර අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සදහන් කළේ අගෝස්තු මස පළමු වනදා තෙක් විධිමත් ක‍්‍රමවේදයක් යටතේ විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින 18,000 ක් පමණ මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස