රටට ඇතුළු වන සියලු දෙනා PCR පරික්ෂාවට! කටුනායක ගුවන්තොටට පරීක්ෂණාගාරයක්!

May 29, 2020 at 3:35 pm | by emanisa.lk

කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සියලු ගුවන් මගීන් පි.සී.ආර් පරීක්ෂාවට ලක් කීරීමට රජය තීරණය කර ඇති බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති  ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ සඳහා පි.සී.ආර් පරික්ෂණාගාරයක් කටුනායක ගුවන් තොටුපළේ කඩිනමින්  කරන  බවද ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් කියා සිටියේය..

ජූලි මස අග දක්වා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට රැගෙන ඒම සිදුවන බවත් අගෝස්තු මුල දී ගුවන් තොටුපල විදෙස් සංචාරකයන්ට විවෘත කිරීමට අදහස් කරන හෙයින් කොවිඩ් 19 වයිරසය රටට ඇතුළුවීම වැළැක්වීම වෙනුවෙන් මෙම පී.සී.ආර් පරීක්ෂණය ගුවන් මඟීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් මගීන්ගේ මෙන්ම ගුවන් තොටුපළ ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශවල කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ඇතුළු මේ සම්බන්ධයෙන් තවත් පියවර රැසක් ඉදිරියේ දී ගන්නා බව ද හෙතෙම පැවසීය.

මේ අතර කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (28) සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි , යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු  සෞඛ්‍ය, ගුවන් තොටුපළ හා ආරක්ෂක අංශ නිලධාරීන්  සමග කටුනායක ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

කටුනායක ගුවන් තොටුපළින් කොරෝනා ආසාධිතයෙකු දිවයිනට ඇතුළුවීම වැළැක්වීම සදහා මෙතෙක් ගෙන ඇති පියවර හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද ව ඔවුන් දැඩි පරීක්ෂාවට ලක් කල බව ගුවන්සේවා අමාත්‍යාංශය කියා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස