ලංකාවේ කොරෝනා ආසාදිතයන් 1633යි! ඉන් 522ක්ම විදෙස්ගතව සිට පැමිණි ලාංකිකයෝ!

June 1, 2020 at 8:00 am | by emanisa.lk

විදේශීය රටවල සිර වී සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින්ගෙන් 522 දෙනෙකුට කොරෝනා වෛරස් ආසාදනය වැළඳී ඇති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

මේ අතුරින්  කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 466 දෙනාගෙන් 330ක්ම කොරෝනා වෛරස් ආසාදිතයින් වන අතර  කටාර් රාජ්‍යයේ සිට පැමිණි 270 දෙනාගෙන් 150 ක්ම එම ආසාදිතයින් බව “පී.සී.ආර් ” පරීක්ෂනවල්දී අනාවරණය වී ඇති බව  සෞඛ්‍ය ඇමතිනිය කීවාය.

කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 466 දෙනාම මේ වන විට පළමුවැනි  වටයේ  “පී.සී.ආර් ” පරික්ෂණවලට ලක් කර ඇති අතර ඔවුන් නැවත දින 10 කට පසු එම  පරික්ෂණවලට ලක් කිරීමට නියමිතව ඇති බවත් ඒ අයගේ ශරීරය තුල ආසාදනය  වර්ධනය වී නොමැති නම් ඒ පිරිසෙන් යම් පිරිසක් පසුව ආසාදිතයින්  ලෙස  වාර්තා වීමට ඉඩ ඇති බව ඇය සඳහන් කළාය. ” කටාර් රාජ්‍යයේ සිටි පැමිණි 270 දෙනාගෙම “පී.සී.ආර් ” පරික්ෂණ සිදු කොට තිබෙනවා. ඔවුන්ගෙන් 150 ක් මේ වන විට ආසාදිතයින් ලෙස  වාර්තා වී ඇති අතර අද දිනය ඇතුලත සියලු දෙනාගේම  එම  පරික්ෂණ වාර්තා ලැබීමට නියමිතයි.

මේ වන වට අප රටෙන් කොරෝනා ආසාදිතයින්  801 ක් සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. කුමන ආකාරයකින් හෝ ප්‍රජාව තුළ මෙම රෝගය පැතිරීම වැළැක්වීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා. මේ වන විට ප්‍රජාව තුළ කොරෝනා වෛරසය පැතිරීම සාර්ථක ලෙස වළක්වා තිබෙනවා යැයි ” සෞඛ්‍ය ඇමතිනිය වැඩිදුරටත්  පැවසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස