ලංකාවේ කොරෝනා මර්දන සටන සාර්ථකයි! දින 30කින් සමාජයෙන් ආසාදිතයෙක් නෑ! ප්‍රජා සාම්පල පරික්ෂාව දිගටම!

May 31, 2020 at 8:01 am | by emanisa.lk

පසුගිය මාසයක කාලය තිස්සේ ශ්‍රී ලංකාවේ හ ජනතාව අතරින් රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

පසුගිය සමයේ ලංකාවෙි කොරෝනා පොකුරු 31ක් වාර්තා වූ අතර ඉන් 30ක් සාර්ථක ලෙස නිමා දැමීමට සෞඛ්‍ය අංශ සමත්ව තිබේ.

මාාසයක කලක සිට රෝගීන් වාර්තා වන්නේ වැලිසර නාවික හමුදා පොකුරින් සහ විදෙස්ගතව පැමිණි අය හා ඔවුන්ගේ සමීපතමයන් අතරින් පමණි.

දිනපතා සමාජයේ විවිධ කොටස් නියෝජනය කරන කණ්ඩායම් අතරින් ප්‍රජා සාම්පල ගෙන පරීක්ෂා කළ ද බාහිර සමාජයෙන් රෝගියෙකු වාර්තා වී නැත.

කෙසේ වුවද රෝගය සමාජගත වීමේ අවදානම පහව ගොස් නැතැයි පවසන සෞඛ්‍ය අංශ තව දුරටත් ප්‍රජා සාම්පල පරික්ෂා කරමින් සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *