රජය විදෙස්ගත ලාංකිකයන් ගලවා ගැනීමේ මෙහෙයුම් අරඹයි! 60 000ක් නැවත සිය රටට ගෙනැවිත් රැකගන්න සූදානම්!

April 20, 2020 at 9:25 am | by emanisa.lk

ගෝලීය වශයෙන් කොරෝනා වසංගතය පැතිරීම නිසා පිටරටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.

මේ වන විට විදෙස්ගත ලාංකිකයන් හැට දහසකට ආසන්න ප්‍රමාණයක් ලංකාවට පැමිණීම සඳහා ඉල්ලුම් කර ඇති අතර පළමුව සාක් කලාපය තුළ සිරවී සිටින සිසුන් ගෙන්වා ගැනීමට නියමිතය.

එහි පළමු වැනි කණ්ඩායම ලෙස එළඹෙන 21 වැනිදා පාකිස්තානයේ සිට සිසුන් 115 ක් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබේ.

දෙවැනි කණ්ඩායම ලෙස සිසුන් 105 දෙනෙකු ඉන්දියාවේ සිට ගෙන ඒමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටයුතු සූදානම් කරමින් සිටියි.

මේ පිරිස ලංකාවට පැමිණි පසු පැය 6ක පමණ කාලයක් රඳවා ගැනීමට නියමිත අතර PCR පරීක්ෂණය කර කොරෝනා ආසාදිත නොවන බව තහවුරු වුවහොත් නිවෙස් වෙත යැවීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස