ඇඳිරි නීතිය මැද බස්නාහිරින් පැන්න කල්ලි සොයා මෙහෙයුම්!

October 30, 2020 at 2:41 pm | by emanisa.lk

ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බස්නාහිර පළාතේ සිට පිටත්ව ගොස් හෝටල් ලැගුම් හල් සහ නවාතැන් ගන්නා ස්ථානවල රැඳි සිටින පිරිස්වල තොරතුරු සෙවීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ප්‍රකාශ කළේ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඇඳිරිනීතිය පනවන බවට ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඇතැම් පිරිස් පොලීසිය සහ පොලිස් මාර්ග බාධක මඟහැර එම පළාතෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

“ඊයේ දිනයේ දී අපි දැනුම් දුන්නා කිසිදු හේතුවක් මත බස්නාහිර පළාතෙන් පිටතට නොයන ලෙසට එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට. ඔවුන් ඊයේ දිනයේ දී පොලීසිය මඟහරිමින්, පොලිස් මාර්ග බාධක මඟහරිමින් යම් ආකාරයකින් පැමිණ තිබෙනවා නම්, ඒ අය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට මේ මෙහෙයුම ආරම්භ කර තිබෙන්නේ.

එවැනි ආකාරයට ඊයේ දිනයේ දී බස්නාහිර පළාතෙන් පිටවෙලා යම් ප්‍රදේශවලට පැමිණ තිබෙනවා නම්, ඔවුන් පිළිබඳව තොරතුරු ලබා ගෙන ඔවුන් නිරෝධායන රීතින්වලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන්, ඔවුන්ට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. යම් අවසරයකින් තොරව කොළඹින් පිටව ගොස් තිබෙනවා නම් පිරිසක් සඳුදා දිනයේ දී නැවත මාර්ග විවෘත වන විට ඔවුන් පොලීසියට බස්නාහිර පළාතට පැමිණෙන විටද දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට සුදානම් වෙනවා.

ඔවුන් බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනවල කොළඹින් පිටතට ගොස් තිබෙනවා නම් ඔවුන්ට එරෙහිව නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කිරීම මත අධිකරණයේ නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා.“

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස