Brandix සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි! වගකීම අකුරට ම ඉටුකළ බවට නිවේදනයක්!

October 7, 2020 at 8:20 pm | by emanisa.lk

ඉන්දියාවේ Brandix ශාකාවේ සේවය කළ ලාංකික සේවකයන් මෙරටට ගෙන්වා නිරෝධායන නීති මගහැර සේවයට යොදාගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ නඟන චෝදනා මෙරට Brandix පාලනාධිකාරිය ප්‍රතික්ෂේප කරයි.

එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ සිය ලාංකික සේවක පිරිස නියමිත නිරෝධායන ක්‍රියාවලියට යොමු කළ බවත් තව ද ඒ කිසිම සේවකයකු සිය දිවුලපිටිය වැඩබිමට නො පැමිණි බවත්ය.

එසේ ම කිසිදු ඉන්දියානු හෝ අන්‍ය ජාතිකයකු සිය ආයතන පරිශ්‍රයට නො පැමිණි බවත් සමාජමාධ්‍යවල හුවමාරු වන වීඩියෝවක පැවසෙන කාන්තාවන් දෙදෙනා තම ආයතනයේ නොවන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස