ඉන්දියාවේ සිට පැමිණි සියලු සේවකයින් නිරෝධායනය වුණා! ඕනෑ ම අවස්ථාවක සාක්ෂි සමග ඔප්පු කරන්න සූදානම්! – Brandix ආයතනය විපක්ෂයේ අභියෝගය භාර ගනී…

October 12, 2020 at 10:54 am | by emanisa.lk

ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි ලාංකික Brandix සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙරට නිරෝධායන නීති අනුව කටයුතු කළ බවත් ඒ සියලු දෙනාට බලයත් සෞඛ්‍ය නිලධාරීන් නිකුත් කළ සහතික නිකුත් කළ හැකි බවත් එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඉන්දියාවේ විශාකාපට්නම් Brandix ශාකාවේ සිට සිය ලාංකික සේවකයන් 341 දෙනෙනකු සහ පවුල්වල සාමාජිකයන් පසුගිය ජුනි 25, අගෝස්තු 08 සහ සැප්තැම්බර් 22 ලංකාවට පැමිණි බවත් ඒ සියලු දෙනා දින 14ක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධානය වූ බවත් එමගින් පෙන්වා දෙයි. ඒ සියලු දෙනාට අදාළ නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය සාර්ථක ලෙස අවසන් කළ බවට සහතික ලැබී ඇති බවත් පවසයි.

එසේ ම මුල් යානා දෙකේ පැමිණි පිරිස දින ඒ ඒ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යටතේ දින 14ක් සිය නිවෙස්වල නිරෝධායන කටයුතු අවසන් කර සහතික ලබා ඇති බවත් අවසාන යානයේ පැමිණි 48 දෙනා තවමත් නිවෙස්වල නිරෝධායන කටයුතුවල යෙදෙන බැවින් ඔවුන්ට ද ඉදිරියේ දී එම සහිතක ලැබීමට නියමිත බවත් බ්‍රැන්ඩික්ස් ආයතනය පෙන්වා දෙයි.

මේ පිළිබඳ පරීක්ෂණ කරන ඕනෑ ම රාජ්‍ය අධිකාරියක් සඳහා අදාළ සහතික ඉදිරිපත් කිරීමට සූදානම් බව ද බ්‍රැන්ඩික්ස් ආයතනය අවධාරණය කරයි.

එසේ ම ඉන්දියාවේ අමුද්‍රව්‍ය මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ භාවිත නොකළ බවත් කිසි ම ඉන්දියානු ඇනවුමක් ඒ සඳහා භාර නොගත් බවත් බ්‍රැන්ඩික්ස් ආයතනය සහතික කරයි. එසේ ම කිසි ම ඉන්දියානුවෙකු පසුගිය මාස දෙක තුළ සිය ආයතනය වෙත නොපැමිණි බවත් ඉන්දියාවේ සිට පැමිණි කිසිදු සේවකයකු එහි සේවයට නොපැමිණි බවත් සහතික කරයි.

එසේ ම කොරෝනා වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා රජය, ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ සිදුකරන කැප කිරීම සඳහා තම ප්‍රණාමය පුද කරන බවත් අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බවත් ආයතනාධිකාරිය එම නිවේදනය මගින් වැඩි දුරටත් පෙනේවා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස