කොරෝනා අපට අවසන් කරන්න බෑ! කොරෝනා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න! – වංසගත රෝග ප්‍රධානී…

October 12, 2020 at 1:38 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් බවත් එය ශ්‍රී ලංකාව තුළ පාලනය කළත් සම්පූර්ණයෙන් තුරන් කළ නොහැකි බවත් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

“මේ අවස්ථාවේ දී කොවිඩ් -19 සමග ජීවත්වීමට අපි ඉගෙන ගන්න ඕනේ. කොවිඩ් -19 කියන්නේ, ගෝලීය වසංගතයක්. එය අද හෙට ඉවර වෙන දෙයක් නෙමෙයි. අපේ රටට විතරක් මෙය පාලනය කරලා නිදහසේ ඉන්න බැහැ. ඒක නිසා ලෝකයෙන්ම කොවිඩ් – 19 වසංගතය තුරන් වෙන තාක් අපිටත් කොවිඩ් 19 සමග ජීවත් වෙන්න සිද්ධ වෙනවා.

වෙනදා වගේ සම්පූර්ණයෙන්ම ඇඳිරි නීතිය පනවලා සමාජ ක්‍රියාකාරීත්වය නවත්වලා අපිට මේ කොවිඩ් – 19 රෝගයට දිගින් දිගටම මුහුණ දීමට හැකියාවක් නෑ. සාමාන්‍ය ජන ජීවිතය අපට හැකි උපරිම මට්ටමින් පවත්වාගෙන යන ගමන් කොවිඩ් – 19 රෝගය පාලනය කිරීම වැදගත් වෙනවා.

උසස් පෙළ විභාගය ආරම්භ වී මාසයක් පුරා පැවැත් වෙනවා. ඉතින් මෙතැන දී දරුවන්, දෙමාපියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් විශාල කාර්යභාරයක් තියෙනවා කොවිඩ් -19 තියෙන කොට ම කිසිඳු බාධාවකින් තොරව උසස් පෙළ විභාගය පැවැත් වීමට. උසස් පෙළ විභාගයට රෝහල්වල සිටින අයට, නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයට, විභාගයට ලියන්න පහසුකම් සලසා තිබෙනවා.

ඒ නිසා මේ වෙලාවේ අභියෝගය කොවිඩ් -19 තියෙන කොටම ඉතාම සාර්ථකව රටේ දරුවන්ගේ අනාගතය තීරණය කරන විභාගයක් පැවැත් වීමයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස