ඇමරිකානු නිලධාරියෙක් නිරෝධායන නීති කඩගෙන රටට ඇවිත්! ඒකට වගකියන්න ඕන විමලුයි ගම්මන්පිලයි! – තුෂාර ඉඳුනිල්

June 6, 2020 at 4:34 pm | by emanisa.lk

ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයකු පසුගියදා PCR පරීක්ෂණ නොකර ලංකාවේ නිරෝධායන නීති නොතකමින් බලහත්කාරයෙන් රටට ඇතුළු වී ඇතැයි සමග ජන බලවේගයේ මැතිවරණ අපේක්ෂක තුෂාර ඉඳුනිල් පවසයි.

පසුගිය සමයේ රට ඇමරිකානු කොලනියක් වී ඇති බවත් ඇමරිකානු සපත්තුවට යට වී ජීවත් විය නොහැකි බවත් පැවසූ විමල් වීරවංශ උදය ගම්මන්පිල වැනි අයට මේවා නොපෙනෙන්නේ දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට ඇමරිකානු තානාපතිනියගෙන් නිදහසට කරුණු විමසිය හැකි බවත් එය නිවැරදි කළ හැකි බවත් තමා ආණ්ඩුවට ඒ සඳහා අභියෝග කරන බවත් ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස