අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයට පුරා ඇඳිරි නීතිය!

October 21, 2020 at 2:27 pm | by emanisa.lk

අද (21) රාත්‍රී 10.00 සිට ගම්පහ දිස්ත්‍රික්කයට ම නිරෝධායනය ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

මෙම ඇඳිරි නීතිය සඳුදා අලුයම 05 දක්වා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ ය.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළ යාමත් සමග මෙම තීරණය ගෙන ඇති බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

මේ වන විටත් දිවයින පුරා පොලිස් බල ප්‍රදේශ 24කට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස