ඇමරිකා රාජ්‍ය ලේකම් පොම්පියෝ එන්නේ ඉන්දියාවටත් ගිහිල්ලා! ඔහු දින 28ක් නිරෝධායනය කරලා රටට ගන්න ඕන! – ජවිපෙ

October 26, 2020 at 10:29 am | by emanisa.lk

මෙ රට දියුණු කිරීමට විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය හෝ තුනෙන් දෙකක බලයක් රජයට අවශ්‍ය නොවන බවත් වත්මන් ආණ්ඩුව විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අත්පත් කරගත් බලය කිසිවක් රටේ සංවර්ධනය සඳහා භාවිතා නොකරනු ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක පවසයි.

වත්මන් ආණ්ඩුව දේශප්‍රේමී සළු පිළි දරා ගෙන බරපතළ වංචාවක් සිදු කරමින් ඇති බවත් එහෙයින් ආණ්ඩුවේ බොරු දේශපේ‍්‍රමී ගුලි ගිලින්න එපා යැයි ජනතාවට දන්වා සිටින බවත් හෙතෙම පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක ඊයේ (25) මෙම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය .

“ඔක්තෝබර් මාසයේ 28 වැනිදා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙ රටට එන බව නිල වශයෙන් ඇමරිකාවත්, ශ‍්‍රී ලංකාවත් තහවුරු කර තිබෙනවා. මයික් පොම්පියෝ සමග ඇමරිකානු ආරක්ෂක ලේකම් මයික් එස්පර් ඉන්දියාවට යනවා. ඔහුත් ලංකාවට එනවාද කියලා වාර්තා කරලා නැහැ.

ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් සිටින ඇමරිකාවේ ඉඳලා ඊළඟ වැඩිම රෝගීන් ඉන්න ඉන්දියාවට ගිහින් ලංකාවට එනකොට නිරෝධායන නීතිරීති බරපතළව ක‍්‍රියාත්මක විය යුතුව තිබෙනවා. කොරෝනා සම්බන්ධ නීතිරීති ධනවතුන්ට සහ බලවතුන්ට අදාළ නැති බව තොණ්ඩමන් මහතාගේ අවමඟුල් උළෙලේදී පළමුව අපි දැක්කා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස