ආණ්ඩුවේ 10%ක් නියෝජනය කරන ශ්‍රීලනිපයට 30%ක් දෙන්න බෑ! ඕන නම් 10%ක් දෙන්නම්! – මහාචාර්ය චන්න ජයසුමන

February 5, 2020 at 9:04 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර බිහිකෙරෙන නව සන්ධානයේ නාමයෝජනාවලින් 30%ක ප්‍රමාණයක් ලබාදෙන ලෙස ශ්‍රීලනිපය කරන ඉල්ලීම දැඩි අසාධාරණ එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තවත් පුද්ගලයන් 10 දෙනෙකුට පමණ නාමයෝජනා ලබාදීම සාධාරණ බව ඔහු සඳහන් කළේ අනුරාධපුර (03) ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

දැනට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ බලකඳවුර තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන්නේ 10% ක උපරිම චන්ද ප්‍රමාණයක් බව ද ඔහු සඳහන් කළේය.

එය කිසිසේත්ම ඊට වැඩි වන්නේ නැති බව ද පැවසූ ඔහු එම නිසා 30%ක අපේක්ෂකයන් ඉල්ලා සිටීම කිසිසේත්ම සාධාරණ නොවන බව ද කියා සිටියේ.

මේ පිළිබඳව අප කළ විමසීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු සඳහන් කර සිටියේ කවුරුන් විසින් මොන ප්‍රකාශ සිදු කළත් ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ ගිවිසුම් ගතව පැමිණි එකඟතාවයන් කඩ නොකරනු ඇති බවට විශ්වාස කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස