ශ්‍රීලනිපය සජිත්ට සහාය දෙන්න හදනවා! මම පොහොට්ටුවට යනවා! – ඩිලාන්

August 3, 2019 at 12:46 pm | by emanisa.lk

ඉදිරියේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්ව කටයුතු කිරීමට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

බදුල්ලේ පිහිටි ඒ මහතාගේ නිවසේ ඊයේ (02) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළ අතර ඊට ඔහුගේ පියා වන හිටපු ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා ද එක්ව සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන් විසින් ප්‍රාර්ථනා කරන ආකාරයට ගමන් නොකළ හොත් අකමැත්තෙන් වුවත් පොහොට්ටුව සමඟ එක් වීමට සිදු වන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමේ උත්සාහයක නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස