ශ්‍රීලනිපය පොහොට්ටුව සමග එකතු නොවන බව තීන්දු කරලා ඉවරයි! – අසාද් සාලි

September 25, 2019 at 10:37 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත නොවන බව තීන්දු කර අවසන් යැයි ජාතික සමගි පෙරමුණේ නායක හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පවසයි.

පසුගියදා මහින්ද රාජපක්ෂ සිය පක්ෂයේ වාචාලයන්ට කට වසාගෙන සිටින ලෙසත් තමා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ගැටලුව විසඳා ගැනීමට සූදානම් බවත් සඳහන් කර ඇතැයි පැවසූ අසාද් සාලි එය ආරම්භයේම නොකළේ මන්දැයි ප්‍රශ්න කරයි.

සිය පක්ෂයේ ගැහැනු පියන්ලා සහ වාචාලයන් යොදවා ශ්‍රීලනිපයට සහ ජනාධිපතිවරයාට පහර දී අවසාන මොහොතේ සාකච්ඡා සඳහා එන්නේ කුමටදැයි හෙතෙම ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස