මෛත්‍රීට ජනපති අපේක්ෂකත්වය දෙන්න බෑ! පොහොට්ටුව ශ්‍රීලනිප ලොක්කන්ට දන්වයි! ශ්‍රීලනිපය නැවතත් කැඩෙයි!

February 24, 2019 at 3:14 am | by admin

එළඹෙන ජනාධිපපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂකත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබා දිය නොහැකි බව පොදුජන පෙරමුණේ නායකත්වය විසින් ශ්‍රීලනිප නායකයන්ට දැනුම් දී තිබේ. දෙපාර්ශවය අතර පැවැත් වූ සාකච්ඡාවක දී මෙම තීරණය දැනුම් දුන් බව ද පොදුජන පෙරමුණ කළ යෝජනාවලට එකඟ වීම හැර වෙන විකල්පයක් සිය පාර්ශවය වෙත නොතිබුණු බව ද ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු මාධ්‍ය වෙත පවසා ඇත.

ඊට සමගාමීව යෝජිත සන්ධානයේ සභාපතිත්වය ද එළඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හිමි විය යුතු බව පැවසූ සිය පාර්ශවයේ පිරිස වෙත නිහඬ වන ලෙස ජනාධිපතිවරයා දැඩිව පවසා තිබේ.

මේ නිසා කලකිරීමට පත් ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න ආදීන් නුදුරේදීම දැඩි දේශපාලන තීන්දුවක් ගැනිමට සූදානම් වන බව පැවසෙයි.

මහින්ද සමරසිංහ පසුගියදා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපති අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් තමන්ගේ ආරක්ෂාවට කිසිවකු නැති බවත් එහෙයින් ගෙදර යන බවත්ය.

පොදුංන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ද ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නියත වශයෙන්ම සිය පක්ෂයේ අපේක්ෂකයෙකු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස