පක්ෂ විපක්ෂ පිල් මාරු සමය ඇරඹෙයි! ශ්‍රීලනිප මන්ත්‍රීවරු නොගැනීමට මහින්ද තීන්දු කරයි!

September 29, 2019 at 6:47 am | by emanisa.lk

පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය තුළ දේශපාලන පක්ෂ මාරු ගණනාවක් සඳහා තිරය පිටුපස සාකච්ඡා ආරම්භ වී තිබේ.

අප වෙත ලැබී තිබෙන ආරංචි අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු එ.ජා.ප.ය සමඟ සම්බන්ධවීම සඳහා කතාබහක් අරඹා ඇත. මෙම සාකච්ඡා දැන් අවසන් අදියරට පැමිණ තිබේ. ඒ සමඟ දැනට පොහොට්ටුවේ සාමාජිකත්වය දරන මන්ත්‍රීන් දෙදෙනකුද එ.ජා.ප.ය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

එ.ජා.ප.ය නියෝජනය කරන මැති ඇමැතින් තිදෙනකු පොහොට්ටුව සමඟ එක්වීම සඳහා කතාබහක් අරඹා තිබේ. එම සාකච්ඡා ගැන නාමයෝජනා දිනයට පෙර තීන්දුවක් ගැනෙනු ඇතැයි පොහොට්ටුව ආරංචි මාර්ග පවසයි. ඒ සමඟ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් දෙදෙනකුද පොහොට්ටුව සමඟ කතාබහක් ආරම්භ කර ඇත. නාමයෝජනා දීමෙන් පසු ඔවුන් සිය තීන්දුව ප්‍රකාශ කරනු ඇතැයි සඳහන් වෙයි.

එසේ වුවත් ශ්‍රී ල.නි.ප.යේ මන්ත්‍රීන් වෙන වෙනම පොහොට්ටුවට බඳවා නොගැනීමට මහින්ද රාජපක්ෂ තීන්දු කර ඇත. ඊට හේතුව දෙපක්ෂය අතර කෙරෙන සාකච්ඡා සාර්ථක ලෙස ඉදිරියට යාමයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස