කොකේන් ගහන මැති ඇමති කල්ලිය රංජන් හෙළි කරයි! ශ්‍රීලනිප 10ක්! විමල්ගේ 02ක්! එජාප 04ක්!

February 22, 2019 at 3:33 pm | by admin

පාර්ලිමේන්තුවේ මැති අමැතිවරුන් 24 දෙනෙකු කොකේන් භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පසුගිය දිනක චෝදනා කළ අතර එය කෙතරම් ආන්දෝලනාත්මක වූයේ ද යත් එජාපය ඒ පිළිබඳවිමර්ශනයට කමිටුවක් ද පත් කළේය.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුව හමුවේ රංජන් රාමනායක ඇමතිවරයා අද පෙනී සිටියේය. අනතුරුව ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ මේ පිරිස අතරින් බහුතරය පොහොට්ටුවේ නැතහොත් ඒකාබද්ධ විපක්ෂයේ බවය.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දස දෙනෙකුට වැඩි පිරිසක්, ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ එක්සත් ජාතික පක්ෂයේ තිදෙනෙක් හෝ සිව් දෙනෙකි. ඔවුන් අතර දෙමළ සන්ධාන හෝ ජවිපෙ මන්ත්‍රීවරු නැතැයි ද මේ ඇතැම් අය පසුගියදා සිදු වූ පාර්ලිමේන්තු ගැටුමට ද සම්බන්ධ බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *