ජනාධිපතිවරණයට අපි පොහොට්ටුවෙන් එනවා! මහ ඡන්දෙට පළාත් සභා ඡන්දෙට පුටුවෙන් එනවා! – පොහොට්ටු ලකුණේ අවුල අවසන් බවට තිලංග පවසයි..

October 5, 2019 at 1:46 pm | by emanisa.lk

අද රාත්‍රී පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් පසු සන්ධානගත වීම පිළිබඳ අවසාන තීන්දුව ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති ශ්‍රීලනිප කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසයි.

මේ වන විට පොදුජන පෙරමුණ ද ශ්‍රීලනිපය ද සිය යෝජනා ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපතිවරණයට පසුව එන පළාත් සභා මහා මැතිවරණ සහ පළාත් පාලන මැතිවරණවල දී පොදු ලාංඡනයක් යටතේ කටයුතු කිරීමට පැහැදිලි එකඟතාවක් මතුව ඇති බව ද හෙතෙම අනාවරණය කළේය.

ඒ අනුව ජනාධිපතිවරණයට පසු එන මැතිවරණවල දී පොදුජන පෙරමුණ සමග සන්ධානගත වී පොහොට්ටුව, අත යන ලකුණුවලින් නොව පුටුව ලකුණින් තරඟ කිරීමේ ප්‍රගතිශීලී එකඟතාවකට තමා පැමිණ සිටින බව ද හෙතෙම හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස