අවසානයේ රනිල් හිතහදා ගනී! ඉල්ලා අස්වෙයි! නව අගමැති දිනේෂ්! භාරකාර ආණ්ඩුව හෙට!

November 20, 2019 at 10:14 am | by emanisa.lk

අගමැති රනිල් වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ඇති බවත් අද (20) පස්වරුවේ අගමැතිවරයා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරිමට නියමිත බවත් වාර්තා වෙයි.

අද පස්වරුවේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්විමක්ද පැවැත්විමට නියමිත බව ද වාර්තා වෙයි.

මේ අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය දක්වා භාරකාර ආණ්ඩුවක් පත් කිරිමට නියමිතය..

එම භාරකාර ආණ්ඩුවේ අගමැතිධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධනගේ නම යෝජනාවි ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

ඇමතිවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත වන මෙම භාරකාර ආණ්ඩුව සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු ද ඇතුලත් විමට නියමිත බව වාර්තා වෙයි. එම භාරකාර ආණ්ඩුව හෙට දිනයේ පිහිටුවනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස