මත්කුඩු තුරන් කරන්න සිතූ අපට වෙඩි තැබුවා! ජාවාරම්කාරයන්ට ජනාධිපතිතුමයි අපියි කිසිම සමාවක් දෙන්නේ නෑ!

February 11, 2019 at 10:18 am | by admin

රටේ අනාගත තරුණ පරපුර විනාශ කරන මත්කුඩු ජාවාරම්කරුවන්ට කිසිම සමාවක් ලබා නොදිය යුතු බව අමාත්‍ය රවී කරුණානායක පවසයි.

“අපේ තරුණ පරපුර කුඩු උවදුරට ඇදලදාලා, ඔවුන්ගේ වගේම රටේ අනාගතය විනාශ කරන මෙවැනි අපරාධකරුවන්ට රැකවරණයක් දෙන්නේ කව්ද කියලා අපි සොයා බැලිය යුතුමයි. අපේ හෙට දින රජවන අහිංසක තරුණ පිරිස් විනාශ කරන මෙවැනි ව්‍යාපාර මම හෙලාදකිනවා. මම දේශපාලනය ආරම්භ කළ දවසේ ඉඳලා මෙම කුඩු ව්‍යාපාරය තුරන් කිරිම පිළිබදව අවධානය යොමුකළා. පසුගිය ඡන්ද සමයේ මෙවැනි ප්‍රශ්න නිසා අපිට වෙඩි තියලා, විශාල ගැටලු ඇති කළා. අපේ චරිත ඝාතනය කළා. ඒ නිසා කිසිම සමාවක් නැහැ, ලෝකේ කොයි කොනක හිටියත්, මෙවැනි අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනල්ලා, දැඩි දඬුවම් ලබාදිය යුතුයි. ජනාධිපතිතුමා ඇතුළු අපේ ආණ්ඩුව මෙවැනි පුද්ගලයින්ට කිසිසේත්ම රැකවරණ සපයන්නේ නැති බවට මම ප්‍රකාශ කරනවා” යැයි පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, අද (11) පෙරවරුවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සමග පැවති නිල සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය විසින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *