IDH රෝහලේ වෛද්‍යවරයකුට කොරෝනා!

March 23, 2020 at 8:12 pm | by emanisa.lk

මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට ද නව කොරෝනා වෛරසය වැළදී ඇති බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරුව ඇත්තේ IDH රෝහලේ මහජන සෞඛ්‍ය අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙක් බවයි.

ඊයේ දිනයේදී මෙම වෛද්‍යවරයාට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරුවී ඇති බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස