Avigan# දින හතරෙන් කොරෝනා සුව කරන දිව ඔසුවක් ජපානය නිපදවයි! චීනය මහ පරිමාණයෙන් නිපදවීම අරඹයි!

March 20, 2020 at 10:28 pm | by emanisa.lk

ජපානයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිපදවා ඇති අවිගන් (avigan) නම් ඖෂධය, කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව චීනයේ ජාතික ජෛව තාක්ෂණික මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.

මෙම ඖෂධය චීනයේ වෛද්‍ය සංගම් දෙකක් විසින් කරන ලද සායනික පරීක්ෂණ කිහිපයකදීම සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇති බවත්, ඒ අනුව මෙම ඖෂධය ප්‍රවර්ධනය කිරීම සඳහා තම රජයේ සහය ලැබෙන බවත් චීන ජෛව තාක්ෂණික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

විශේෂයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් මතුවන නිව්මෝනියා තත්ත්වයට මෙම ඖෂධය මගින් සුවය සැලසෙන බවත්, එහිදී කිසිදු අතුරු අබාධයක් වාර්තාවී නොමැති බවත් ඔහු සඳහන් කර තිබේ.

චීනයේ වුහාන් හා ශේන්සෙන් නගරවල රෝගීන් 300 කට අධික පිරිසක් යොදාගනිමින් මෙම ඖෂධය තවදුරටත් පරික්ෂා කළ බවත් එම ඖෂධය ලබාදුන් රෝගීන් සියලුදෙනාම දින හතරක් වැනි කාලයක් ඇතුළත සුව අතට හැරුණු බවත් ඔහු අනාවරණය කළේය.

මෙම ඖෂධය ලබාදුන් පසුව රෝගීන්ගේ ශ්වසන පද්ධතියේ හා පෙනහළුවල තත්ත්වයද වේගයෙන් යහපත් අතට හැරෙන බව එක්ස් කිරණ ජයාරූප ඔස්සේ ද තහවුරුවී ඇතැයි චීනයේ ජාතික ජෛව තාක්ෂණික මධ්‍යස්ථානය පවසයි.

මේ අනුව චීනය මෙම අවිගන් (avigan ) ඖෂධය වානිජ වශයෙන් තම රට තුළ ද නිපදවීම සඳහා ජපාන සමාගමෙන් අවසර ලබාගෙන ඇති අතර, ඉදිරියේදී මහා පරිමාණයෙන්,  එම ඖෂධය චීනය තුළ නිපදවීමට එරට සමාගම් රැසක් පියවර ගනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස