ආදර්ශමත් ලාංකික පිරිසක් කොරෝනා සටනට දායකවෙති! වෛද්‍ය උපදෙස් පිළිපදිමින් ලොවටම ආදර්ශයක් දෙති!

March 23, 2020 at 12:37 pm | by emanisa.lk

දෙදිනක ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරවීමෙන් පසුව දිස්ත්‍රික්ක අටක් හැර සෙසු සියලු දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය පැය 8 ක කාලයකට අද (23) පෙරවරු 06.00ට ඉවත් කර තිබේ.

අද පෙරවරුවේ මෙම ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා නගරවල වෙළඳසැල්වලට ඇදී එනු දක්නට ලැබේ.

එමෙන්ම බැංකු හා ඉන්ධන පිරවුම්හල්වලද ජනතාවක් එක් රැස් වී සිටියි. එහිදී දක්නට ලැබෙන්නේ මහ ජනතාව සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දුන් උපදෙස්වලට අනුව කටයුතු කරමින් සිය අවශ්‍යතා ඉටු කරගන්නා අන්දමයි.

බොහෝ ස්ථානවල දක්නට ඇත්තේ මීටරයක් හෝ ඊට වැඩි පරතරයක් තබාගෙන කිසියම් පිළිවෙළකට මහජනතාව කටයුතු කරන අයුරුයි.

වෙළඳ සැල්වලටද එක් වරකට ඇතුළු කර ගන්නේ සීමිත පිරිසකි. ඒවා ඉදිරියේ අත්සේදීම සඳහා සූදානම් කර ඇත.

කාගිල්ස් ෆුඩ්සිටි ඇතුලු සුපිරි වෙළඳසැල් මින්පෙර සිය වෙළඳසැල්වල කටයුතු කරනා අයුරු පිළිබඳ උපදෙස් මාලාවක් පනවා තිබූ අතර ජනතාව එම උපදෙස්වලට අනුගත වීමද කැපී පෙනුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස