ආණ්ඩුව රටට කොරෝනා ගෙන්න ගත්තේ උවමනාවෙන්මයි! දැන් බැරිකම වහගන්න මුස්ලිම් ජනතාවට බනිනවා! – මුජිබර් රහුමාන්

April 7, 2020 at 1:30 pm | by emanisa.lk

කොරෝනා වෛරසය රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා ගතයුතුව තිබූ ක්‍රියාමාර්ග ආණ්ඩුව හිතාමතා මග ඇරිය බව හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

මේ වන විට රජයේ ඇතැම් මැති ඇමතිවරුන් සහ සමාජමාධ්‍ය විසින් එක් ජනකොටසක් ඉලක්ක කරගෙන කොරෝනා ව්‍යාප්ත කරන්නේ යැයි චෝදනා කරන්නේ ආණ්ඩුවේ බැරිකම වසා ගැනීම සඳහා බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙමගින් ආණ්ඩුව උත්සාහ කරන්නේ ජනතාව අතර ජාතිවාදය ඇති කර බෙදීම් ඇති කර සැබෑ ප්‍රශ්නය යටපත් කිරීම පිණිස බව හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස