සජිත් ශ්‍රේෂ්ඨාධිකරණ රථගාලෙත් ඉන්විටේෂන් බෙදයි! නීතීඥයන් විශාල පිරිසක් ෂැංග්‍රිලා හෝටලයට ගෙන්වා රටට පෙන්වන සැලසුමක්!

October 5, 2019 at 10:54 am | by emanisa.lk

සජිත් ප්‍රේමදාස විසින් නීති ක්ෂේත්‍රය තුළ තමන්ට විශාල සහායක් ඇති බව ප්‍රදර්ශනය කිරීමට මේ වන අධිකරණ රථගාල්වල පවා කනිෂ්ට නීතිඥයන් වෙත නමක් නොමැති ආරාධනා පත් බෙදමින් යන බව වාර්තා වෙයි.

එමගින් සජිත් ප්‍රේමදාස සහභාගී වන නීති හමුවක් සඳහා ඔක්තෝබර් 06 වෙනිදා හවස 06ට කොළඹ ශ්‍රැංගිලා හෝටලයට පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ.

ඔවුන්ගේ අරමුණ වී විශාල නීතීඥයන් පිරිසක් එදිනට ෂැංග්‍රිලා හෝටලය වෙත කැඳවා මාධ්‍ය ඔස්සේ රටට පෙන්වා තමන්ට නීතීඥයන් වැනි උගතුන් අතර විශාල ජනප්‍රසාදයක් ඇතැයි ප්‍රදර්ශනය කිරීමට බව ද පැවසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස