රනිල් එළවන්න බැරිවුණාට අපි දිනුම්! සන්ධානයේ වැඩි බලය අපටයි! – සජිත් පිලට පෙරළුණු පිට හොඳවෙයි..

January 31, 2020 at 9:12 pm | by emanisa.lk

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් පිහිටුවීමට නියමිත සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබාදීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවත්, එය සජිත් පාර්ශ්වය ලැබූ ජයග්‍රහණයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.

එජාප ව්‍යවස්ථාව ඒකාධිපති බවත් නායක රනිල් සහ මහ ලේකම් අකිල අකමැති නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයම එරෙහි වුවද නායකයා පහකළ නොහැකි බවත් හෙතෙම පවසයි.

ඊට අමතරව නව සන්ධානයේ නාමයෝජනා කමිටුවේ සභාපති ධුරය සහ සන්ධානයේ මහ ලේකම් තනතුර නම්කිරීමේ වගකීම සජිත් ප්‍රේමදාසට ලබාදීමටත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවය හිමිව ඇති බැවින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව සම්බන්ධයෙන් සතුටුදායක විය හැකි බව ද මන්ත්‍රීවරයා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (31) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඒ අනුව එජාපයේ මූලිකත්වයෙන් ගොඩනැගෙන සන්ධානයේ මූලික කටයුතු ලබන සතිය වනවිට ආරම්භ වන බවත්, එය නාමික සන්ධාන‍යක් ලෙස නොව මැතිවරණ කොමිසමේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් ලෙස වෙනම මැතිවරණ ලකුණක්ද සමග පිහිටුවන බවත් මන්ත්‍රීවරයා පවසයි.

ඒ අනුව ඊට අදාල පක්ෂ ව්‍යවස්ථා, නිළධාරී මණ්ඩල නම් කිරීම ඇතුළු සියලු කටයුතු සිදුකර සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ ජයග්‍රාහී පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන බව ද ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස