අගමැති අපේක්ෂකත්වය සජිත්ගේ ඇඟේ ගැසීමට එජාපය තීන්දු කරයි!

January 30, 2020 at 5:24 pm | by emanisa.lk

ඉදිරි මහ මැතිවරණය සඳහා වන එක්සත් ජාතික පෙරමුණේ සන්ධාන නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට අද (30) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

කෙසේ වුවද සජිත් ප්‍රේමදාස ඇතුළු 35 දෙනෙකු අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලය වර්ජනය කිරීමට තීන්දු කර තිබිණි. එසේම එජාප නායකත්වය නොමැතිව අගමැති අපේක්ෂකත්වය අවශ්‍ය නැතැයි ද සජිත් ප්‍රේමදාස පවසා තිබිණි.

මේ අතර සරත් ෆොන්සේකා, අජිත් පී. පෙරේරා, රෝසි සේනානායක සහ ඉමිතියාස් බාකිර් මාකර්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අහෝසි කිරීමට ද ඊට පෙර තීන්දු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස