යුද්දේ දිනලා කේක් කපන්න මහින්ද ගෝඨා බය වුණා! එදාත් මමයි එඩිතරව ඉදිරියට ආවේ! – ෆොන්සේකා

October 21, 2019 at 12:09 pm | by emanisa.lk

කොටි ත්‍රස්තවාදය පරාජය කර ජයග්‍රහණය සැමරීම සඳහා කෙක් ගෙඩිය කැපීමට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පස්ස ගහන අවස්ථාවේ තමා ඉදිරිපත් වී කෙක් ගෙඩිය කැපූ බව හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වුවහොත් ආරක්ෂක ඇමති තමා බවත් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළහොත් ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂ බවත් ඔහු පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත් ඔහුට මහින්ද රාජපක්ෂ කියන ආකාරයට කටයුතු කිරීමට සිදුවනු ඇති බවත් ඔහු සුපුරුදු ආරක්ෂක ලේකම් බවට පත්වනු ඇති බවත් හෙතෙම අනාවැකි පළ කරයි.

එහෙයින් තම කඳවුරු ජනාධිපතිවරයකු තෝරා ගැනීමට සූදානම් වන විට විරුද්ධ පක්ෂය ආරක්ෂක ලේකම්වරයකු තෝරා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් සරත් ෆොන්සේකා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස