ඇමරිකාව සමග ආරක්ෂක ගිවිසුමකට යාම සියදිවි නසාගැනීමක්! – හමුදාපති

May 16, 2019 at 8:56 am | by admin

අපේ රටේ උපායමාර්ගික භූගෝලීය වැදගත්කම නිසා වර්තමානයේ රට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් පළ ප්‍රයෝජන ගැනීමට කලාපීය සහ ලෝක බලවතුන් උත්සාහ කරන බව හමුදාපති සරත් ෆොන්සේකා පවසයි. ඇමරිකා එක්සත් ජනපදය සමග ආරක්ෂක ගිවිසුමකට යාම පිළිබඳ තමා එකඟ නොවන බව ද එය තමන්ගේ සියලු දේපළ කිසිවකුට ලියා දී සිය දිවි නසා ගැනීමක් බව ද ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ආණ්ඩුව ඇමරිකා එක්සත් ජනපදය සමග අත්සන් කිරීමට යන ආරක්ෂක ගිවිසුම මේ වන විට බොහෝ පාර්ශවවල දැඩි විවේචනයට ලක් වී ඇති අතර ලංකාවේ සිටින ඇමරිකානු ආරක්ෂක නිලධාරීන් ලංකාවේ නීතියට නොව ඇමරිකානු නීතියට යටත් වන බවට ද ඔවුන් පරික්ෂා කිරීමකින් තොරව අපේ රටට ඕනෑම දෙයක් රැගෙන ඒමට ද අවසර දිය යුතු බවට එහි වගන්ති ඇතුළත් යැයි ද චෝදනා නැඟෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස