ත්‍රස්තවාදය කෙටි කලකින් මර්දනය කරා කියන්නේ සිරිසේන රනිල් වගේ මෝඩයෝ! – ෆීල්ඩ් මාර්ෂල්

June 11, 2019 at 5:58 pm | by emanisa.lk

තවමත් රටේ ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය අතට පත්ව නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

කැලණිය ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ ඉල්ලීම මත කතානායකවරයා විසින් පත් කළ තේරීම් කාරක සභාව නීත්‍යායානකූල බවත් එය කටයුතු කරන්නේ න්‍යාය පත්‍රයකට අනුව හෙයින් එය එක් එක් පුද්ගලයාට අවශ්‍ය පරිදි වෙනස් කිරිමට නොහැකි බවත් මන්ත්‍රීවරයා පවසයි.

විශාල ජිවිත සංඛ්‍යාවක් රටට අහිමි වුයේ නිසි පරිද ආරක්ෂාව නොතිබුණ නිසා බවත් එහි වගකීමෙන් ජනාධිපතිවරයාට මෙන්ම රජයේ සියලු පර්ශවලට එම වගකීමේන් මිදීමට නොහැකි බවත් මන්ත්‍රීවරයා පවසයි.

එමෙන්ම ඇතමුන් පවසන පරිදි රට තුල පවතිව ත්‍රස්තවාදි ක්‍රියාකාරකම් සුළු කාලයකින් මර්දනය කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත් එසේ පවසන කෙනෙකු සිටි නම් ඔහු මෝඩයෙකු බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස