මේ රටේ ජනතාව මෛත්‍රී වටා එකතු වන දවස වැඩි ඈතක නෙමේ! – දයාසිරි

November 30, 2019 at 9:24 pm | by emanisa.lk

මේ රටේ ජනතාව නැවත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වටා පෙළ ගැසෙන දවස වැඩි ඈතක නොවේ යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

මේ රටේ කෙළෙහිගුණ දන්නා, නායකයන්ට ආදරය කරන, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන, ජාතීන් අතර සංහිඳියාවයට ගරු කරන ජනතාව නුදුරේදීම හිටපු ජනාධිපතිවරයා වටා එකතු වන බව ඇමතිවරයා අවධාරණය කළේය.

ඉදිරි මහා මැතිවරණයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෛත්‍රීපාල සිරිසේන නැවත පාර්ලිමේන්තුවට පත්කර යවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩු බලය ලබාගත හැකි පාර්ලිමේන්තු බලයක් ලබා දීමට පෙරමුණ ගන්නා ලෙස රාජ්‍ය ඇමතිවරයා පොළොන්නරුව ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පොළොන්නරුවේ අද (30) පැවති හිටපු ජනාධිපතිවරයා පිළිගැනීමේ උත්සව අවස්ථාවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස